සරුංගලය එක්ක අවුරුදු 3ක දැරියක් අහසට යයි !
තායිවානයේ අවුරුදු 3ක පමණ දැරියක් ගෑස් වලින් සෑදු සරුංගලයක් සමඟ අහසට විසී වී ගිය පුවතක් වාර්තා වෙනවා. තායිවානයේ සිංචු ප්‍රදේශයේ පසුගිය අගෝස්තු 30 වන දින සරුංගල් සැණකෙලියක් පවත්වා ඇති අතර එහිදී එම දැරිය සරුංගලයේ වල්ගය අල්ලාගෙන සිටිය දී එකවර ම සරුංගලය ගුවනට යවා ඇත.
එහිදී මීටර් කිහිපයක් ඉහළට ඇදි ගොස් ඇති දැරිය නරඹන්නන් අතරට ඇද වැටීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇත. කෙසේ නමුත්, අනතුරෙන් දැරියගේ මුහුණේ සුළු කැපුම් තුවාලයක් සිදු වීම හැරෙන්නට වෙනත් කිසිදු හානියක් සිදුව නොමැති බවයි තායිවාන මාධ්‍ය වාර්තා කළේ.
එම වීඩියෝව පහතින්.