FEATUREDPolitics

රාජ්‍ය ඇමති රොෂාන්ගේ පෞද්ගලික ලේකම් ලෙස බිරිඳ පත් කරයි

ඉඩම් කළමණාකරන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ ලේකම්වරයා ලෙසට සිය බිරිද දිනූෂා රණසිංහ පත් කරගෙන තිබෙන බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් අමාත්‍යාංශය තුළ තම පවුලේ හිතුවතුන් පත් කරගනිමින් සිය පවුලම රජයේ මුදලින් නඩත්තු කිරිම රටේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින යුගයක මෙම පත් වීම සිදු ව තිබේ.

මෙම පත් විම හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති ඇය විසින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව ද ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මේ හේතුවෙන් රාජ්‍ය අමාත්‍යාංශය තුළ නිලධාරින් ද කළකිරිමට පත් ව ඇති බව ද එම අමාත්‍යාංශයේ නිලධාරීන් කියා සිටින බව එම වෙබ් අඩවි පෙන්වා දෙයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *