FEATUREDGossip News

තරුණියකගේ සිරුර තුළ සිටි සර්පයෙකු වෛද්‍යවරුන් මුඛයෙන් එළියට ගනියි ! (වීඩියෝ)

රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයේ ජිවත් වන තරුණියකගේ සිරුරේ අභ්‍යන්තරයේ සිටි සර්පයෙකු මුඛයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්ව තිබෙනවා. අඩි 4ක් පමණ දිග මෙම සර්පයා මෙම තරුණිය සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයෙන් නිදාගෙන සිටින අවස්ථාවේ දී ගේ මුඛය හරහා ශරිර අභ්‍යන්තරයට ඇතුල්වන්නට ඇති බවයි වෛද්‍යවරුන් සැකපළ කරයි.

මෙම තරුණියට නින්දෙන් අවදිවිමෙන් පසුව ඇතිවූ අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් ඇයව නිර්වින්දනයට ලක් කොට සිදුකළ පරික්ෂා කිරීමේ දී ඇයගේ ශරීරය තුළ සිටි සර්පයා ගැන අනාවරණය වී ඇත.

මෙම ශල්‍යකර්මයට සහභාගිවූ වෛද්‍යවරුන් මෙම තරුණියගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා මුඛයයෙන් පිටතට ගැනීමේ දී දැඩි සේ භීතියට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඩේගස්ටන් ප්‍රදේශයේ පුද්ගලයින් 11,500 කට ආසන්න පිරිසක් ජිවත් වන අතර එය මුහුදු මට්ටමේ සිට අඩි 4,165ක් උසින් පිහිටා තිබෙනවා.

මෙම ප්‍රදේශයේ ජිවත්වන වැඩිහිටියන් නිරන්තරයෙන් තරුණ තරුණියන්ට එළිමහනේ නිදා නොගන්නා ලෙසට අනතුරු ඇඟවීම් සිදුකරන බවත් මේ ආකාරයේ සර්පයින් පුද්ගලයින්ගේ සිරුරූ තුළට ඇතුල්වීමේ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වීඩියෝව පහතින්.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *