කොරෝනා ආසාදිත වූ මවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි !
කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත ඉතාලියේ මවක් හෙලිකොප්ටරයක් තුළ දි තම දරුවා ප්‍රසූත කළ සිද්ධියක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඇය ගැබ්ගෙන සිටියදී කොරෝනා වෛරසය ආසාදිතව ඇති අතර දරුවා බිහි කිරීමට ප්‍රසූත වේදනාවෙන් සිටිය දී රෝහල වෙත ගෙන යාමට සිදු ව ඇත.
ඒ සඳහා 118 හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා දුන් විට විනාඩි කිහිපයකින් ඇයව රැගෙන යාමට හෙලිකොප්ටරයක් පැමිණ තිබෙනවා. හුස්ම ගැනීමට අපහසුවෙන් ඉන්න ඇය රෝහලට රැගෙන යාමට පෙර මේ අම්මා දරුවාව හෙලිකොප්ටරයේ ම දරුවා බිහි කර ඇති බව වාර්තා වේ.. ඒ සඳහා, හෙලිකොප්ටරයේ සිටි සියලු දෙනාම ඇයට සහය ලබා දී තිබෙනවා. ඒ අනුව සාර්ථකව මේ අම්මා දරුවාව බිහි කර ඇති අතර මේ දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වෙලාද වී ඇති දයන්න තවමත් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

