Samsung Galaxy Note20|Note20 Ultra 5G දුරකථන දැන් ශ්‍රී ලංකාවේ දී
Note දුරකථන දූරාවලියේ විශිෂ්ටත්වයේ උරුමය මත ගොඩනැගුණු Galaxy Note20 5G දුරකථන ද්විත්වයට එළඹෙන නව සාමාන්‍ය ජීවිතය සඳහා වඩාත් හොඳින් අනුවර්ථනයවීමේ හැකියාවක් ඇත. එමෙන්ම තමන් කොහේ සිටියත් තමන්ගේ අතට උපරිම විනෝදාස්වාදයක් අත්විඳීමේ හැකියාව සහ දුරකථනයක් තුළින් වඩා වැඩි කාර්යභාරයක් ඉටුකරගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට සුපිරි බලයකින් යුත් අසමසම අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන් මෙම දුරකථන පෙළ නිර්මාණය කර තිබේ. ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට සිය පාරිභෝගිකයන් සඳහා වෘත්තීය සහ විනෝදාස්වාදය යන අංශ දෙකෙන්ම උපරිම පාලනයක් ලබාදෙන Samsung හී නව Galaxy Note20 and Note20 Ultra දුරකථන ද්විත්වය සැමදා අගය අඩුනොවන නිමාවකින් සහ සුවිශේෂී mystic වර්ණයකින් යුක්තව දැන් ශ්‍රී ලංකාවේ දී මිලදී ගැනීමේ හැකියාව ඇත.
වෘත්තීය සහ විනෝදාස්වාදය යන අංශ දෙකටම අයත් Galaxy Note20 දුරකථන පෙළ සතු වඩාත් සිත්ගන්නා සුළු විශේෂාංග කිහිපයක් පහතින් දැක්වේ.
කාර්යන් කිරීමට බලය
කාර්යයන් වේගවත්ව සහ කාර්යක්ෂමව සිදුකිරීම සඳහා Galaxy Note20 දුරකථන පෙළ සමඟ S Pen එක පැමිණෙන අතර ගෙදර සිට වුවත් වැඩකිරීමේ දී තමන්ගේ වෘත්තීයට අදාළ Presentations ඉහළින්ම නිර්මාණය කරගැනීමට ගැනීමට විශේෂාංග රැසක් Samsung Notes දුරකථනය සතුවේ. Galaxy Note20 Ultra හි ඇති 120Hz display මඟින් ඔබ Meeting එකක සටහන් ලියා ගන්නවා හෝ ගෙදරට අවශ්‍ය දේවල් ෆොන් එකේ කුරුටු ගානවා හෝ කියා වෙනසකින් තොරව ජීවිතේ සෑම අවස්ථාවකදීම ගුණාත්මකව වැඩිදියුණු ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ඔබට ලබාදෙයි. මෙහි ඇති නව S Pen එක ඔබේ අසමසම කාර්යක්ෂමතාවයේ සහකරුවා ලෙස තාක්ෂණිකව වැඩිදියුණු කර ඇත.
Microsoft සමඟ Samsung හී සහයෝගීතාවය හේතුවෙන් Galaxy Note20 දුරකථන පෙළ තවත් ඉහළට රැගෙන ගොස් තිබේ. Microsoft වල Your Phone app සහ Link to Windows integration සක්‍රියව ඇති Samsung තෝරාගත් දුරකථන සමඟ පාරිභෝගිකයන් තමන්ගේ Galaxy ස්මාර්ට් දුරකථනය, තමන්ගේ Windows10 PC එක සමඟ sync කිරීම මඟින් මැසේජ්, ඡායාරූප, නොටිෆිකේෂන් සහ රිමයින්ඩර්ස් real-time එකේම ශෙයාර් කරගැනීමේ අවස්ථාව උදාවේ. වඩාත් කාර්යක්ෂමව තමන්ගේ කාර්යයන් සිදුකරගැනීම සඳහා Galaxy Note20 දුරකථන පෙළ විසින් විවිධ වූ විශේෂාංග රාශියක් ඔබට හඳුන්වාදී තිබේ.
විනෝදවීමට බලය
high-fidelity සහිත Video mode එකෙන් ඔබේ ආදරණීය මතකයන් නැවත මතක්කර ගැනීමට Note20 මඟින් බලය ලබාදෙයි. තත්පරයට 24 frames වලින් 8K තීව්‍රතාවක් සහිතව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන් ඔබට අවශ්‍ය වීඩියෝ එක සිනමාරූපී අගයක් සහිතව නිර්මාණය කරගැනීමේ හැකියාව මෙහි තිබේ. එසේ නැතහොත් Full HD වලින් තත්පරයට 120 frames පටිගත කර නැවත 120Hz වේගයෙන් අදාළ වීඩියෝ එක play back කර super smooth look එකක් ලබාගැනීමේ හැකියාව ද පවතී.
මීට අමතරව ශ්‍රී ලංකාව තුළ 5G ජාල පහසුකම් වානිජ මට්ටමින් නිර්මාණය වීම මත 5G තාක්ෂණ පහසුකම් අත්විඳීමේ පහසුව සහිතව Galaxy Note20 සහ Note20 Ultra දුරකථන ද්විත්වය 5G බලගැන්වුම සහිතව පැමිණෙයි.
සැමදා අගය අඩු නොවන නිර්මාණය තුළ සියල්ල එකතුකර තිබේ
මේ දුරකථන සතු අසමසම විශේෂාංග කිසිවක් මෙහි ඇති සැමදා අගය අඩු නොවන අනර්ඝ නිමාවෙන් තොරව සර්ව සම්පූර්ණ නොවේ. අගය සැමදා එකසේ රැදෙන නිමාව සහ කල්පවතින හැඩය මෙන්ම Mystic වර්ණ රටාව සහ ඊටම ගැළපෙන S Pen එකක් සහිත Galaxy Note20 දුරකථන පෙළ මඟින් Note සතු අසමසම නිෂ්පාදන ලොවට දායාද කිරීමේ සදාතනික උරුමය තව තවත් ඉහළට ඔසවා තැබේ. දැනට Samsung හඳුන්වාදී ඇති වඩාත්ම බලවත් Note දුරකථන ද්විත්වයට සේ සැළකෙන මෙහි සුමට, ස්වාභාවික tones එකක් සහ හැඩරටා සහිත haze නිමාව මඟින් අතිශය සුවිශේෂී සහ ප්‍රභූ පන්තියේ උසස් හැඟීමක් පාරිභෝගිකයාට ලඟාකර දෙයි.
Samsung Ecosystem
වේගයෙන් වෙනස්වන ලෝකයට සමගාමීව පාරිභෝගිකයා බලාත්මක කරන එකකට එකක් සහසම්බන්ධිත ප්‍රබල සන්නිවේදන උපාංග කිහිපයක් Samsung Electronics විසින් මෑතක දී එළිදැක්වීය. දැනට හඳුන්වාදී ඇති අති ප්‍රබලම දුරකථන පෙළ Galaxy Note20 සහ Galaxy Note20 Ultra; ඵලදායීතාව සහ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරන බහුකාර්ය tablets ද්විත්වය Tab S7 සහ S7+; වැඩිදියුණු කළ සෞඛ්‍ය විශේෂාංග ඇතුළත් උසස් පන්තියේ නිමාවකින් යුත් Galaxy Watch3 ස්මාර්ට් වොච් එකත ගුණාත්මක භාවයකින් යුත් හඬක් ඇසීමට සලස්වන Galaxy Buds Live සුවපහසු earbuds; වැඩිදියුණු කළ හැකියාවන්ගෙන් පිරිපුන් අනාගත පරම්පරාවේ foldable ස්මාර්ට් ජංගම දුරකථනය Galaxy Z Fold2; යන නව හඳුන්වාදීම් මේවා වේ. මේ අලුත්ම හඳුන්වාදීම් සමඟ එම උපාංගවල කාර්යක්ෂමතාවය සහ විනෝදාස්වාදය උපරිමයෙන් ලබාගැනීමට උදව්වෙන අති ප්‍රබල tools ද හඳුන්වාදී ඇත. Galaxy ecosystem එකේ කොටසක් ලෙස හඳුන්වාදී ඇති මෙම සහසම්බන්ධතාවය නිවැරදිව ක්‍රියාත්මකවෙමින් ඔබේ කාලය ඔබට වඩාත් වැදගත් කාර්යයන් වෙනුවෙන් කැපකිරීමට අවශ්‍ය සුවපහසුව සපයයි.
මිලදී ගැනීමේ හැකියාව
පහසුවෙන් හඳුනාගැනීම සඳහා සාප්පුව ඉදිරියේ Samsung සන්නාම පුවරුවක් සහිත, දිවයින පුරා විසිරී සිටින Softlogic Mobile බෙදාහැරීම් ජාලය සහ John Keells Office Automation බෙදාහැරීම් ජාලයට අයත් ඕනෑම අලෙවිසැලකින් 2020 අගෝස්තු 29වැනිදා සිට Galaxy Note20 දුරකථන පෙළ මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. එමෙන්ම අපගේ බලයලත් නියෝජිතයන්වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro ශාඛා ජාල හරහා ද Dialog සහ Mobitel සන්නිවේදන ජාල සහකරුවන් හරහා ද ඔන්ලයින් ඔස්සේ Samsung E-Store, Daraz.lk, MySoftlogic.lk සහ mcentre.lk වෙත පිවිසි ද මෙම දුරකථන පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව හිමිවේ. සඳුදා සිට ඉරිඳා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා ක්‍රියාත්මක Samsung පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඇමතා විස්තර දැනගැනීම හෝ ප්‍රශ්න යොමුකර එසැණින් විසඳුම් ලබාගැනීමේ අවස්ථාව ඇති ඔන්ලයින් ඔස්සේ පැය 24 පුරාම ක්‍රියාත්මක Samsung Members අවකාශය වෙත පිවිස සහය ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ.