රොබට් පැටින්සන්ට කොරෝනා වැළඳීම නිසා බැට් මෑන් රූ ගත කිරීම් දෙවන වරටත් නවත්වයි
බැට් මෑන් චිත්‍රපටියේ ප්‍රධාන නළු රොබට් පැටින්සන්ට කොරෝනා වැළඳිම හේතුවෙන් චිත්‍රපටියේ රූ ගත කිරීම් නැවත වරක් අත්හිටු වීමට සිදුව ඇති බව වාර්තා වෙනවා. මීට පෙර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට අගුලු දැමීමට සිදු වීම නිසා ද තාවකාලිකව රූගත කිරිම් නවතා දැමීමට සිදු විය.
මෙම වසර මුලදී ග්ලාස්ගෝහි මෙහි රූගත කිරීම් ආරම්භ කළ නමුත් වෛරසය හේතුවෙන් එය නතර වූ බවත් දැන් මෙම හේතුව නිසා නැවතත් එහි රූගත කිරීම් තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවත් චිත්‍රාගාර ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. කෙසේවෙතත්, ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය නළු පැටින්සන් ලන්ඩන් නුවරදී රූගත කිරීම් නැවත ආරම්භ කිරීමෙන් පසු ඔහුට මෙම වෛරසය වැළඳී ඇත.
මෙහි නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකුද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නමුත් එම පුද්ගලයා කවුරුන්දැයි කිව නොහැකි බව වර්නර් බ්‍රෝස් පවසා ඇත. මෙම බැට්මෑන් චිත්‍රපටය මුලින් 2021 ජුනි මාසයේදී මුදා හැරීමට නියමිතව තිබූ නමුත් දැන් එය 2021 ඔක්තෝබර් දක්වා ප්‍රමාද වී ඇත.