‘අම්මලාට ආස කොල්ලෝ’ ෆේස් බුක් සමූහය හැදූ පොලිස් කොස්තාපල්වරයා කොටුවෙයි
සමාජයේ දැඩි සේ විවේචනයට ලක් වූ ‘අම්මලාට ආස කොල්ලෝ’ නම් ෆේස් බුක් සමූහයේ ඇඩ්මින්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබෙනවා. මොහු 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර මීට වසරකට ඉහත දී පොලීසියට බැඳී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මොහු අවිවාහකයෙකු වන අතර අත්අඩංගුවට පත් වන අවස්ථාවේ දී ගම්පහ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත. අදාළ සමූහයේ 5700ක පමණ පිරිසක් එක්ව සිටිති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, කාන්තා ජේයෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි යන නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ එහි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්ප රීක්ෂක ඉෂාර ගයශ්‍රි මහතා ඇතුළු නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදු කරති.