FEATUREDPolitics

ඉස්සන් කොටුවක් සුද්ද කළාම ඔක්සිජන් නැති වෙන්නේ නැ -රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කියයි

ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉස්සන් කොටුවක් ඉදි කිරීමේ සිදුවීමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කර සිටිනවා.

” මෙම ප්‍රදේශය ජේ.ආර්. ජයවර්ධන විසින් එම කාලයේ දී ඉස්සන් වගාව සඳහා සමාගමකට ලබාදී තිබූ කොටසක්. අක්කර දෙසියක පමණ වූ එම භූමි ප්‍රදේශය අදාල සමාගම 1996 වසරේදී අතහැර ගිය පසු ප්‍රදේශයේ ජනතාව රජයට බදු ගෙවමින් ඉස්සන් වගා පවත්වාගෙන ගියේ” ඇමැතිවරයා කියා සිටියා.

දැන් ඇතිවී තිබෙන්නේ නීතිය සහ මනුස්සකම අතර ප්‍රශ්නයක් බවත් තමන්ට තෝරා ගන්න වෙන්නේ ජනතාවගේ පැත්ත යැයි මෙහිදී ඇමතිවරයා සඳහන් කර සිටියා.

ඉස්සන් පොකුණක රොන්මඩ ඉවත් කල පමණින් ඔක්සිජන් නැතිවන්නේ කෙසේදැයි තමන්ටත් අවබෝධයක් නැතැයි කි ඇමතිවරයා තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන්නේ තම පක්ෂයේම සහ විපක්ෂයේ පිරිස් විසින් බවද ඔහු කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ, හිරු රූපවාහිනිය සමග පැවති වැඩසටහනක් හා එක්වෙමින් ය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *