FEATUREDPolitics

පරිප්පු කෑව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උද්දික බඩ ඉරිඟු කන්න දෙයි

පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසා සිටියා.

ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බව ඔහු සඳහන් කර සිටියා.

“අසරණ මිනිසුන්ගේ ජීවිතය වෙනස් කිරීමටත් තුනෙන් දෙකේ බලයක් ජනතපතිතුමට ලබා දුන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියා ආරකෂා කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා.

අපි අද දවල්ට කෑවේ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු. මේ රටට අපි කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවද? නමුත් පරිප්පුවලට වඩා ඉතාමත් ගුණයි බඩ ඉරිඟු. වෑංජනයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අපි අද සියලු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩ ඉරිඟු.

හැම දෙනාම රට හදන තැනක ඉන්නේ. පාර්ලිමේන්තුවෙන් අප පටන් ගත්තේ දේශීය ගොවියාව ශක්තිමත් කරන්න.” මන්ත්‍රීවරයා කියා සිටියා.

(අද පුවත්පත)

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *