මට දිව්රලා කියන්න පුළුවන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ – ප්‍රේමලාල් ජයසේකර
තම අත්වල ලේ හෝ කුණු නොමැති බව මරණ දඬුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (08) දින මන්ත්‍රී ධූරයේ දිව්රුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ය.
“මට දිව්රලා කියන්න පුළුවන් මම දේශපාලනන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේ දී බහින් බස් වීම වෙන්න පුළුවන්. 2001 සිට 2020 දක්වා සියලුම මැතිවරණ මම ජයග්‍රහණ කළා. අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න අපෙන් පළි ගන්න කටයුතු කළා.
නොකරපු වරදට දඬුවම් ලබා දුන්නා. දුමින්ද සිල්වා නඩුවේ දී කටයුතු කරපු ආකාරය අපිට පෙනුනා. හඬ පට තිබෙනවා. මේක අපරාධයක්. මම එහෙම කළේ නෑ. මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික් ජනතාව මා ගැන විශ්වාසය තබා තිබෙනවා”