අටළුගම දී ’32 කල්ලියෙන්’ පහර කෑ පොලීසියේ 4ක් රෝහලේ…. අත්අඩංගුවට පත් වූ අය අතර 15 හැවිරිදි දැරියක් ! (වීඩියෝ)
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ වැටලීම් රාජකාරියට ගිය පොලිස් නිලධාරින් කාණ්ඩායමකට එම ප්‍රදේශයේ පිරිසක් විසින් පහර දිමක් සිදුකර තිබෙනවා.
බණ්ඩාරගම පොලිස් නිලධාරීන්ට ගංජා ජාවරම් සිදු කරන බවට ලද තොරතුරකට අනුව අද (09) පෙරවරුවේ බණ්ඩාරගම, අටළුගම මාරාව ප්‍රදේශයේ “ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස පරීක්ෂා කළේ කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී කාන්තාවන් 4දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4දෙනෙකු වැටලීම් රාජකාරීවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා.
එලෙස පොලිස් නිලධාරින්ගේ රාජකාරි කටයුතු වලට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට බණ්ඩාරගම පොලිසිය අද (09) කටයුතු කරනු ලැබුවා. එම කාන්තාවන් තිදෙනා අතර 15 හැවිරිදි දැරියක් ද සිටින බව වාර්තා වේ.
එම අවස්ථාවේ දී, පහර කෑමට ලක් වූ උප පොලිස් පරික්ෂකවරු දෙදෙනෙකු, කාන්තා පොලිස් සැරයන් වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබු අතර ඔවුන් බණ්ඩාරගම ප්‍රදේශීය රෝහල වෙත යොමු කෙරුණා.
නොසන්සුන් තත්වය පාලනය කිරිමට එම ස්ථානයට අවට පොලිස් ස්ථාන කිහිපයකින් සහ පොලිස් විශේෂකාර්ය බළකායේ කණ්ඩායක්ද කැදවීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සිද්ධියට අදාලව කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් පුද්ගලයින් පස්දෙනෙකු පලා ගොස් ඇති අතර පොලිසිය එම පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුව එම ප්‍රදේශය පොලිස් නිල සුනඛයන් යොදා සෝදිසි කිරිම් සිදු කල අතර එහිදි කේරල ගංජා ග්‍රෑම් 500ක් සෝයාගෙන තිබෙනවා. පොලිසියට පහරදුන් මෙම පිරිස අටළුගම 32 කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.