FEATUREDGossip News

බුදු රුව සහිත සාරියක් ඇඳ සිටි කාන්තාවක් පොලිස් භාරයට

බුදුන් වහන්සේගේ සිරස මුද්‍රණය කරන ලද සාරියක් ඇඳ නාරහෙන්පිට පුද්ගලික රෝහලකට පැමිණි කාන්තාවක් අද (10දා) පොලිස් භාරයට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.

එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් නාරහෙන්පිට පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙසේ කාන්තාව පොලිස් භාරයට ගෙන තිබේ.

කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයෙකුගේ මන්නාරම නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන බවත් වෛද්‍යවරයා අසනීපව පුද්ගලික රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ දී ඇය ද ඊයේ (9 දා) රාත්‍රී පැමිණ වෛද්‍යවරයාගේ දියණියගේ වැල්ලවත්තේ නිවසේ නතර වූ බවත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

ප්‍රතිකාර ලබන බව කියන වෛද්‍යවරයාගේ වැල්ලවත්තේ පදිංචි දියණිය වෙත පණිවිඩයක් යවා සැකකාර කාන්තාව ට වෙනත් සාරියක් ගෙන්වාගෙන බුදුරුව මුද්‍රණය කර තිබූ එම සාරිය පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියා පැවැසීය. සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *