සොඳුරු දසුන් මවන භූමි චිත්‍ර (Land Art)
ලෝකයේ කාලයත් සමඟ විවිධ වූ අත්හදා බැලිම් නිර්මාණයන් කිරීමට මිනිස්සු පෙළඹෙනවා. Land Art එහෙම නැත්නම් Earth Works කියලා කියන්නෙත් ඒ වගේ අපූරු නිර්මාණයන් තුළින් මෑත කාලීනව කරළියට ආපු කලාවක්. 1960 දශකයේ අග භාගයේ දි වගේ ඇමරිකාවේ ගොඩනැගුණු පරිසරයේ තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන පරිසරය ආශ්‍රිතව ගොඩනඟන නිර්මාණ කරන කලාවක් තමයි මේ Land Art කියන්නේ. විශේෂයෙන්ම පරිසරයෙන් සොයා ගන්න පුුළුවන් ගල් කැබලි, අතු ඉති, කොළ වර්ග වැනි දේවල් යොදා ගෙන තමයි මේ නිර්මාණ කරන්නේ.
ලෝකයේ කරපු මුල්ම Land Art එක විදියට සැලකෙන්නේ 1967 දී Douglas Leichter and Richard Saba සිදු කරපු නිර්මාණයන් කියලා තමයි සැලකෙන්නේ. කලාව වාණිජකරණය වීම වැළැක්වීමේ පෙරළිකාර යුගයක බිහිවුණ කලාවක් විදියට තමයි මේ Land Art කලාව පිළිගැනෙන්නේ. ලෝකයේ සිටින හොඳම Land Art ශිල්පීන් තිදෙනෙකුගේ නිර්මාණ කිහිපයක් පහතින් දැක්වෙනවා.
1.Andy Goldsworthy

1956-ජූලි-25 උපන් 64 වියැති, Andy Goldsworthy යනු බ්‍රිතාන්‍ය මූර්ති ශිල්පියෙකු, ඡායාරූප ශිල්පියෙකු සහ පරිසරවේදියෙකු වන අතර ඔහු විශේෂිත මූර්ති සහ භූමි චිත්‍ර නිෂ්පාදනය කරයි. ඔහු ජීවත් වන්නේ ස්කොට්ලන්තයේ ය.
2.Robert Smithson

1973 දී නිව් ජර්සිහි උපත ලැබූ Robert Smithson මේ කලාවේ පුරෝගාමියෙකු ලෙස හඳුනා ගන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෙක් විදියට කටයුතු කළ ඔහු පසුව පරිසරයේ පවතින දේවල් වලින් නිර්මාණයන් කිරීමට පෙළඹුනා. ඔහු විසින් නිර්මාණය කරන ලද spiral jetty ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් වෙනවා.

ඔහුගේ අනෙකුත් නිර්මාණ කිහිපයක් පහතින් දැක්වෙනවා.
3. Richard Long

1972 දී බ්‍රිස්ටල් නගරයේ දී උපත ලැබූ Richard Long මූර්ති ශිල්පියෙක්, ඡායාරූප ශිල්පියෙක් හා චිත්‍ර ශිල්පියෙක් ද වේ. බොහෝ විට, ගල් පතුරු මෙන්ම මඩ යොදාගෙන සිදු කළ ඔහුගේ නිර්මාණයන් වලට විශේෂයෙන් ඔහුගේ පියවර වලින් කළ නිර්මාණයක් ද ඇතුළත් වෙනවා.
ඔහුගේ අනෙකුත් නිර්මාණ කිහිපයක් පහතින් දැක්වේ.
Small White Pebble Circles 1987 Richard Long born 1945 Presented by Janet Wolfson de Botton 1996 http://www.tate.org.uk/art/work/T07160