ගවමස් කෑම අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්… පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පතනවා (වීඩියෝ)
ලංකාව තුළ ගවමස් කෑම තහනම් කිරීමට විරුද්ධත්වය පළ කරන බව බවත් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට මෙම යෝජනාව ඉදරිපත් කර සම්මත කර ගත්තේ කුමන කාරණාව පදනම් කරගෙනදැයි තවමත් නොදන්නා බව එම සංවිධානයේ සංවිධායක අබ්දුල් රාසික් මහතා පවසයි.
කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන මෙම තහනම පනවන්නට උත්සාහ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද ඔහු පැවසීය.
සතුන්ට නිදහසේ සිටීමට එම දේවල් නොකළ යුතුය කියා කිසියම් ආගමක ඇත්තේ නම් එය ගවයින්ට පමණක් තහනම් කිරීමට සීමා නොවී මෙරට සියලු සතුන්ට එය පොදු දෙයක් කරමින් සියලු සතුන් නැති කිරීම තහනම් කළ යුතු බවත් ඔහු යෝජනා කරයි.
ඉස්ලාම් ආගමිකයන් විසින් ඉස්ලාම්ආගම විසින් අනුමත කර ඇති ගවමස් ආහාරයට ගැනීමේ අයිතිය තම ආගමිකයන්ට ඇති බවත් එනිසා ගවයන් ඉලක්ක කරගෙන ගවයින් පමණක් තහනම් කිරීම තම අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි.
කිසියම් ජන කොට්ඨාසකට පරිභෝජන අයිතියට විරුද්ධ වීමට තවත් කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු ගේ අදහසයි.
ඉස්ලාම් ආගමිකයන්ලෙස ඌරුමස් කෑම තහනම් කර ඇතත් තමන් කිසිදු අවස්ථාවක වෙනත් ආගමිකයන්ට ඌරුමස් කෑම තහනම් කරන්නැයි ඉල්ලා නැත්තේ ඔවුන්ට ඒ අයිතිය ඇති නිසා යැයිද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදි පැවති බවද මාධ්‍ය හමුවක් අමතමිනි.