FEATUREDGossip News

අවුරුදු 16ක් තිස්සේ වැටුපක් නොලබා උගන්වන ගුරුවරයෙක්

වසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

නමින් එම්.ජී කමල් ප්‍රසන්න වන මෙම ගුරුවරයා 2004 ජනවාරි මස අට(08) සිට අඛණ්ඩව වසර දහසයක් මාර/ කන්දිල්පාන කණිෂ්ඨ විදුහලේ (බටයායා,දෙනියාය ) ස්වේච්ඡාවෙන් සේවය කරයි.

බුද්ධ ධර්මය ,චිත්‍ර ,ඉතිහාසය,කෘෂිකර්මය වැනි විෂයන් උගන්වමින් පාසලේ ප්‍රතිපල ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙන කමල් ප්‍රසන්න මහතාට උපතින්ම පාදයේ ආබාධිත තත්ත්වයක් පැවතුණත් එය බාධාවක් කර නොගෙන මේ පාසලේ දරුවන් වෙනුවෙන් තම උපරිම සේවය ඉටු කිරීමට ඔහු වෙහෙස වේ.

ඔහු අ.පො.ස උසස් පෙළ , ධර්මාචාර්ය , දහම් පාසල් ගුරු විභාගය ආදී සුදුසුකම් රැසක් සපුරා ඇති නමුත් මේ වන තෙක් ඔහුට කිසිඳු ස්ථිර රැකියාවක් ලැබී නොමැත.දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමන්ගේ ප්‍රශංසා සහතිකයෙන් පවා පිදුම් ලැබූ මේ ගුරුවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ වසර 16ක ගුරු සේවයේ පළ පුරුද්ද සලකා හෝ තමන්ට පාසල් අනධ්‍යයන නිළධාරියෙකු ලෙස වැඩ කිරීමට හෝ රැකියාව ස්ථිර කර දෙන ලෙසයි.

-Ada.lk-

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *