ලිංගික අල්ලස් ඉල්ලූ රාජ්‍ය නිලධාරියාට වැඩ වරදියි !
රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු තමා යටතේ සේවය කරන කාන්තාවකට අයුතු යෝජනාවක් කරනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.
එමෙන්ම, මෙම අයුතු යෝජනාව ඉදිරිපත් කරන රාජ්‍ය නිලධාරියා නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සහාධිපත්‍ය සංවර්ධන අධිකාරියේ මුදල් අංශයේ ප්‍රධානියකු බව ද තොරතුරු වාර්තා වේ.
තවද, මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවත්ආයතනයේ කාන්තාවට මෙලෙස අයුතු යෝජනාවක් කරන ලද තැනැත්තා අධිකාරියේ සභාපතිවරයාගේ සහාය ලබන බවත් වාර්තා වේ. එමෙන්ම, මේ වන විට ඔහු පුරප්පාඩු වී ඇති එම ආයතනයේ සාමාන්‍යාධිකාරී තනතුරක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සාහ කරන බව ද වාර්තා වේ.