20 ට විරුද්ධ නම් හන්දි ගානෙ කියවන්නෙ නැතුව උසාවි යන්න – නාමල්ගෙන් සැර කතාවක්
20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්ඡා විය යුතු ප‍්‍රශ්ණයක් නොවන බවත් 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේ ද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් බව ඔහු පවසයි.
19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනයට ඉබේම යන බව පැවසූ ඔහු ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද කියා සිටියේය. ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.