Gossip NewsLatest

අගමැති මහින්ද වරාය නගරයේ ගෝල්ෆ් ගසයි !

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වී තිබෙනවා.

එමෙන්ම, ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ අගමැතිවරයා, ”චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමඟින් රැකියා 83000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව ජාතික නිදහස් දිනය සමරනවා. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරනවා” යැයි පැවසුවේය.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *