ඇත්තටම ඩබ්ලිව් ජයසිරි පියුමිව බැන්දාද ?
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රංගන ශිල්පීන් දෙපළක් වන ඩබ්ලිව් ජයසිරිගේ සහ පියුමි බොතේජු මංගල ඇඳුමින් සැරසී ගත් ඡායාරූපය පිළිබඳව කාගේත් කතාබහට ලක්විය. එහිදී බොහෝ දෙනා සඳහන් කළේ ඩබ්ලිව් ජයසිරිත් පියුමි බොතේජුත් විවාහ වෙලා කියලයි. ඒත්, මේ පින්තූරයේ ඇත්තම කතාව මෙය ටෙලිනාට්‍යයක දර්ශනයක් සඳහා මෙලෙස මංගල ඇඳුමින් සැරසී ඡායාරූපයක් ලබා ගෙන ඇති බවයි. මෙම ඡායාරූපය ලබා ගත් දයාන් විතාරණ ද සඳහන් කරන්නේ එය ටෙලිනාට්‍යයක දර්ශනයක් සඳහා ලබා ගත් එකක් බවයි.
