නයිජීරියාවේ නව නීති පනවයි – කාන්තා දූෂකයින්ගේ ලිංගේන්ද්‍රය ඉවතට
කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 14 ට අඩු ළමුන් දුෂණය කිරිමේ චෝදනාවට වරදකරුවකු වන කවරෙකුට වුවත් මරණ දඬුවම ලබා දීමට එම ප්‍රාන්ත ආණ්ඩුකාර නසීර් අහමඩ් එල් – රාෆුආයි තීරණය කර තිබෙනවා.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නයිජීරියාවේ පනවා ඇති සම්බාධක හේතුවෙන් දිනෙන් දින ඉහළ යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතාවයන් නිසා හදීසි නිතිය පවා පැනවීමට පියවර ගනු ලැබුවා. බාල වයස්කාර දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් මිට පෙර නයිජීරියාවේ පනවා තිබු උපරිම දඬුවම වුයේ අවුරුදු 21ක සිර දඬුවමක්ය.
කාන්තාවක් විසින් බාල වයස්කාර දරුවෙක් දුෂණය කළහොත් ඇයගේ පැලෝපිය නාලය ඉවත් කිරිමට නව නීති පනවා තිබෙනවා. දිනෙන් දින ඉහළ යන කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජිරියානු බලධාරීන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටියි.