පොල් මිල කෙතරම් ඉහළ ගියත් රටින් ගෙන්නන්නේ නැහැ – පොල් ඇමති පොල් ගසකට නැග කියයි !
ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් මිල ඉහල ගොස් ඇත්තේ ලෝක වෙළද පොලේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහල යාම නිසා බව පොල් ,තල් , කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දංකොටුවේ පිහිටි සිය වත්තේ පොල් ගසකට නැගී අතර තුරේ දී ය. පොල් ගසේ ගෙඩි කීපයක් කඩා දැමු ඇමතිවරයා අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහල ගොස් ඇති අතර පොල් ගහකට නැග පොල් කඩන කම්කරුවෙකුටද රුපියල් සියයක් ලබා දිය යුතු බව ද පවසා සිටියා.
මෙහිදී ඇමතිවරයා කියා සිටියේ පොල් කැඩීම හා රා නිෂ්පාදනය සදහා කම්කරුවන් සොයා ගැනීමේ අපහසුතාවයක්ද මේ වන විට ඇති බවයි.
ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ පොල් මිළ කෙතරම් ඉහල ගියත් පොල් රටින් ගෙන්වීමට කටයුතු නොකරන බවයි. නගරබද ජිවත් වන ජනතාවට පොල් සහන මිලට ලබා දීමට ඉදිරි දින කිහිපයේ වැඩපිළිවෙලක් සකස් කරන බවද මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.
ඇමතිවරයා සිය ගෙවත්තේ පොල් ගසට නැග තිබුනේ වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයක ආධාරයෙන් වන අතර මෙය ඉදිරි මාස කීපය තුළ රටට හදුන්වා දීමට ක්‍රියා කරන බව ද රාජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ යන්ත්‍රය ආධාරයෙන් ඉතා වේගයෙන් පොල් ගසකට නැග ගත හැකි අතර මේ යන්ත්‍රය තල් හා කිතුල් ගස් වලට නැගීම සදහා ද යොදා ගත හැක.