රටක් හඬවමින් අවසන් ගමන් ගිය පවුලේ දේහයන් අසල්වැසි නිවසකට ගෙන එයි
පසුගියදා (20) මහනුවර බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊට පහතින් පිහිටි හෝටලයක් මතට කඩා වැටීම හේතුවෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳිය ජිවිතක්ෂයට පත් විය. ඔවුන්ගේ දේහයන් මේ වන විට අවසන් කටයුතු සිදු කිරීම සඳහා අසල්වැසි නිවසකට රැගෙන විත් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ විවෘත විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරියක් වන 33 හැවිරිදි නීතිඥ අචලා ඒකනායක, ඇයගේ සැමියා වන 35 හැවිරිදි චමිල ප්‍රසාද් හා මාස එකහමාරක් වයසැති ඔවුන්ගේ බිළිඳා යි.