අතාවුල්ලා වැසිකිළි ගිහින් ද ආවේ… මේ ඇෆ්ගනිස්ථාන් පාර්ලිමේන්තුව නෙමෙයි – විපක්ෂයේ විරෝධය මැද අතාවුල්ලා පාර්ලිමේන්තුවෙන් පිටව යයි
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා අද (22) දින පාර්ලිමේන්තුවට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් පැවසුවේ, අතාවුල්ලා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ඇඳුමකින් සැරසීගෙන පැමිණ ඇති බවයි. පසුව විපක්ෂයේ විරෝධය මැද ඔහු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගොස් තිබුණි.