පළමු වසරේ දැරියන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කළ උපකාර පන්ති ගුරුවරයා
කිරම, රම්මල ප්‍රදේශයේ උපකාරක පන්තියක් සඳහා සහභාගී වු 1 ශ්‍රේණියේ පාසල් දැරියන් සිව්දෙනෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට උපකාර පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුවියන් පන්තියට සහභාගී වු විට ගුරුවරුයා විසින් අපයෝජනයට ලක්කර ඇති අතර, එම දැරියන් විසින් දෙමව්පියන්ට මේ බව පවසා ඇත. පසුගියදා (24) ගුරුවරයා පන්ති පවත්වන ස්ථානයට පැමිණි දෙමාපියන් ඔහුට පහර දී පසුව කාමරය තුළ සිරකර පුටුවක ගැට ගසා තිබෙනවා.
දරුවන් අපයෝජනයට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද අදාළ ගුරුවරයාගේ දුරකථනයේ තිබී දෙමව්පියන් සොයා ගෙන ඇති අතර දෙමාපියන් විසින් වලස්මුල්ල පොලීසියට මේ බව දැන්වීමෙන් අනතුරුව පොලීසිය විසින් ගුරුවරුයා අත්අඩංගුවට ගෙන වලස්මුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
අපයෝජනයට ලක්වුවායැයි පැවසෙන දැරියන් සිව්දෙනා ද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද වාර්තා වේ.
අදාළ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා වයස අවුරුදු 36ක් වන අඟුණුකොළපැලැස්ස, හැළේකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
ඔහු ඊයේ (25) දිනයේ දී වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.