EntertainmentLatest

සුෂාන්ත්ගේ මරණය සම්බන්ධව දීපිකාගෙන් ප්‍රශ්න කරයි

ඉකුත්දා සිය දිවි හානි කර ගත් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් බොලිවුඞ් සුපිරි නිළි දිපිකා පදුකෝන්ගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය මණ්ඩලය ප‍්‍රශ්න කර තිබෙනවා.

දීපිකා පදුකෝන්ට අමතරව බොලිවුඞ් රංගන ශිල්පිනියන් වන සාරා අලි ඛාන් සහ ශද්‍රා කපූර් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය මණ්ඩලය ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. සිය දිවි හානිකර ගත් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වූ රියා චක‍්‍රබෝර්ති මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙර එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *