FEATUREDGossip News

බිරිඳට සුඛෝපභෝගී මෝටර්රථයක් අරන් දෙන්න උපකාරක පන්ති ගුරුවරයා කළ දේ

තම බිරිඳට සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදි ගැනීමට හෙරොයින් ජාවාරමේ නිරත වූ උපකාරක පන්ති ගුරුවරයෙක් පිළිබඳව සීදූව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම පුද්ගලයා ඇතුළු තිදෙනෙක් රුපියල් ලක්ෂ 38ක් වටිනා හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සීදූව දඬුගම ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, 40 හැවිරිදි උපකාරක ගුරුවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 150 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සොයාගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගැණුනු උපකාරක පන්ති ගුරුවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු මෝදර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගණිත ගුරුවරයෙකු බව ද පොලීසිය සදහන් කරයි. ඔවුන් සතුව තිබී තරාදි 3 ක් සහ ජංගම දුරකතන 4 ක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

ඔහුගෙන් ලද තොරතුරකට අනුව සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සදහන් කළේ, සිය බිරිදට සුඛෝපභෝගි මෝටර් රථයක් මිලදී ගැනීම සදහා තමන් මෙම ජාවාරම සිදුකළ බව උපකාරක පන්ති ගුරුවරයා සඳහන් කළ බවයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *