පොළේ යනකොට ටේප් එකක් අරන් යන්න – සජිත් ජනතාවගෙන් ඉල්ලයි
වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට ටේප් එකක් රැගෙන පොළේ යාමට අවස්ථාව සලසා දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සදහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ, පොල් ගෙඩියේ වට ප්‍රමාණය අගල්වලින් මැන මිල තීරණය කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබද අදහස් දක්වමින් ය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ආසනයේ, සූරියගම සුමංගලාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එහි විහාරාධිපති පූජ්‍යපාද කොස්හින්නේ රතනජෝති නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේ එතුමාගේ සංකල්පයක් මත බිහිවූ “සිසු දහම් සෙවන” හරහා ගොඩනැගෙන දහම් පාසැල් ගොඩනැගිල්ල ද ඔහුගේ නිරීක්ෂණයට ලක්විය.