සුනාමියට හසු වූ දරුවෙක් වසර 16කට පසුව මව සොයා එයි
2004 වර්ෂයේ දී සුනාමි ව්‍යසනයේ දී අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වේ. සුනාමි ව්‍යසනයට ගොදුරු වන විට වයස අවුරුදු 05ක් වූ මෙම තරුණයා දැන් 21 වන වියේ පසුවනවා.
කාර්තිව් ප්‍රාදේශීය ලේකම් පරිපාලනයේ ඇති මාලිහයිකාඩු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටින අබුසාලි සිත්ති කමාලියා යන අක්‍රම් රිස්කාන් ගේ මව අෂ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වෙනිදා ඇතිවූ සුනාමි රළ පහරෙන් සිය 05 හැවිරිදි පුතුණුවන් අතුරුදහන් වූ බව කියා සිටියා.
සිය පුතුණුවන් රෝහලේ සිටින බවට සුනාමි ව්‍යවසනයෙන් දින තුනකට පසුව තමන්ගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා පැවසූ නමුත් තමන් එහි ගොස් බලන විට දරුවා එහි නොසිටි බව අබුසාලි සිත්ති කමාලියා සඳහන් කරයි.
” මට කවුරුන් හරි මුණ ගැහුණම දරුවාගේ ජායාරූපයක් පෙන්වලා අහනවා මගේ පුතාව දැක්කද කියලා. නමුත් අදට මේ සිද්ධිය වෙලා වසර 16 කට පස්සේ මගේ පුතා මාව හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන සතුටුයි. මම මගේ පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය ඉක්මවා උත්සහ දැරුවා” යැයි මෙම මව කියා සිටියා.


