උගන්වන පාසලේ ප්‍රී ෂූට් කළ ගුරු යුවළට වැඩ වරදියි
සිය විවාහ මංගලෝත්සවයට පෙර තමන් උගන්වන පාසලේදී ‘ප්‍රීෂූට්’ කළ මාතර හක්මන ප්‍රදේශයේ පාසලක ගුරු යුවළට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වයි. වික්‍රමසිරි පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පරීක්ෂණ වාර්තාව ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එම ගුරුවරයා දිගු කලක් එම පාසලේ සේවය කරමින් සිටි අතර ගුරුවරිය සීමාවාසික පත්වීමක් මත එම පාසලට පැමිණ තිබෙනවා.
ඔවුන්ගේ ‘ප්‍රීෂූට්’ සිද්ධියට ආදි ශිෂ්‍ය සංගමය මෙන්ම දෙමාපියන්ද විරෝධය පළ කර අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර තිබිණි. පාසලේදී ‘ප්‍රීෂූට්’ කර ඇති බව අනාවරණය වී ඇත්තේ ඡායාරූප ශිල්පියා එම ඡායාරූප සිය මුහුණු පොතේ පළ කිරීමත් සමඟයි.