Gossip NewsLatest

කොරෝනා රෝගියා සේවය කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිහිප දෙනෙකුටම උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරලා

ගම්පහ දිවුලපිටියේ පදිංචි කාන්තාවකට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇය සේවය කළේ මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් ඇඟලුම්හලක සුපරීක්ෂකවරියක් ලෙසින් බව ද වාර්තා වේ.

එම ඇඟලුම් කම්හලේ 400 කට ආසන්න පිරිසක් සේවය කරනවා.ඉන් කිහිප දෙන්කුටම පසුගිය දිනවල උණ රෝග ලක්ෂණ පෙන්නුම් කල බවයි වාර්තා වන්නේ.

තවද, අද උදෑසන දිවුලපිටිය දෙව් මැඳුරේ වාර්ෂික පූජාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල ක්‍රීඩා උළෙලක්පැවති අතර ඒ සඳහාද 1000-2000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වෙනවා.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව බොහෝ දෙනා බඩු මිලට ගැනීම සඳහා දිවුලපිටිය නගරයට පැමිණ ඇති බවද වාර්තා වනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *