හරීන්ගේ පීසීආර් පරීක්ෂණය ගැන පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අද උදෑසන PCR පරීක්ෂණය සිදුකිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රශ්නයක් නගා සිටියා.
මෙහිදී මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටිය බැවින් එම PCR පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
එම අවස්ථාවේ දී සභාවේ රැඳී නොසිටි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යලි පාර්ලිමේන්තුවට පැමිණ පැවසුවේ, තමන්ට කිසිදු රෝගී ලක්ෂකණයක් නොමැති බවත් මහජන නියෝජිතයෙකු ලෙස වගකීමක් සහිත පුද්ගලයෙකු බැවින් එය සිදු කළ බවයි. එමඟින් ජනතාවට පිසීආර් පරීක්ෂණය සිදු කිරීමට දිරි ගැන්වීමක් කළ බවත් පැවසුවා.