Gossip NewsLatest

රාගම රෝහලෙන් කොවිඩ් සැක සහිත රෝගියෙකු පැන යයි… සොයා ගන්න මහජන සහය පතයි

රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

එම පුද්ගලයාගේ ඡායාරූපයක් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට නිකුත් කළේය. ඒ අනුව, එම පුද්ගලයා පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් 119 හෝ 0112 854880 වෙත දැනුම් දෙන්න.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙකු සැඟවීමට උත්සහ කරන පුද්ගලයෙක් හො එම රෝගීන් සැඟව සිටින නිවසක්, ගොඩනැඟිල්ක් හෝ ඕනෑම නිෂ්චල දේපලක් වේ නම් ඒවා තහනමට ගැනීමට සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *