Gossip NewsLatest

කටුනායක ගුවන්තොටුපොළේ සේවිකාවකටත් කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

හලාවත ප්‍රදේශයේ පදිංදි වයස අවුරුදු 50ක් වන මෙම කාන්තාව ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කරන තැනැත්තියක් වන අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.

පී.සී.ආර්. පරීක්ෂණ වලින් රෝගය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇයව මීගමුව මහ රෝහලට යොමු කර තිබෙනවා. එහිදී ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා එම කාන්තාව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර, අදාළ කාන්තාව කටුනායක ගුවන් තොටුපළේදී සමීපව ඇසුරු කළ පිරිස ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. එමෙන්ම එම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් ද පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *