දෝනි රැකගත් උඩපන්දුව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)
අයි.පී.එල්. තරඟාවලියේ ඊයේ (07) පැවති තරඟයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක ජයක් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 167 ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157ක් පමණයි.
කෙසේ වෙතත්, මෙම තරඟාවලියේදී ප්‍රේක්ෂකයින්ගේ දැඩි විවේචන එල්ල වෙමින් සිටින ඉන්දිය කණ්ඩායමේ හිටපු නායක මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක එම්.එස් දෝණි උඩුගුවනේ පියාසර කරමින් ගත් උඩ පන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.