Gossip NewsLatest

කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෙනා්නා ආසාදිතයින් දෙදෙනෙක්

කොළඹ යුනියන් පෙදෙසේ ON 320 Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

අදාළ නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම ආසාදිතයන් දෙදෙනා පෙරේදා (11 වැනිදා) අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 වැනිදා) පී.සී. ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.

අදාළ ආසාදිත රියැදුරා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නිවසේ හිමිකරු කර්මාන්ත ශාලා හිමියකු බවත් කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.

විදෙස් තානාපතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් වාසය කරන මෙම නිවාස සංකීර්ණය ආශ්‍රිතව මේ වන විට සංචරණ සීමා පනවා ඇත.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *