Gossip NewsLatest

ස්මාර්ට් අත්ඔරලෝසුවකින් උසස් පෙළ ලියූ පාසල් සිසුවා පොලිස් බාරයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය අද (13) සවස් වරුවේ පැවති අවස්ථාවේදී උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාගශාලා නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවක දී මෙම විභාග වංචාව හසුව ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පැමිණිලි කර තිබෙනවා. මෙම උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවෙහි ජීව විද්‍යාව විෂයට තොරතුරු ඇතුලත් කර තිබී ඇති බව අනාවරණය වී ඇත.

සිසුවා පොලීසිය බාරයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර වංචා සහගත අන්දමින් පිළිතුරු ලිවීමට යොදාගත් ඔරලෝසුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස පොලිස් බාරයට ගෙන සිසුවා මුදා හැරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ පවසයි.

මේ අතර උසස් පෙළ විභාගය ආරම්භ වූ ඉකුත් 12 වනදා ජංගම දුරකථනය හරහා විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඡායාරූප ගත කර වෙනත් අයෙකුට යැවීමට උත්සාහ කොළඹ ප‍්‍රදේශයේ පාසල් අයදුම්කරුවෙකු ද හඳුනා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *