LatestPolitics

රිෂාඩ් මන්නාරමත් නෑ, කොළඹත් නෑ….පොලිස් කණ්ඩායම් 6ක් යොදවා පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා පරීක්ෂණ සිදු කළ ද මේ වන විටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම නිවෙස්වල නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා. වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ පොදු දේපළ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව දැනුම් දෙමින් ය.

2019 ජනාධිපතිවරණයේ දී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හට මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *