FEATUREDGossip News

නාරම්මල කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි….නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයේ

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ නාරම්මල කාන්තාවකගේ නිවසට හොරු පැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ඔක්තෝම්බර් දස 05 වැනි දින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 45 හැවිරිදි අදාළ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. පසුව ඇගේ පවුලේ සාමාජිකයින්ව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් ඇත.

නිවසේ කිසිවෙකුත් නොසිටි බව දැන රාත්‍රී කාලයේ දී නිවසට හොරු පැන ඇති අතර නාරම්මල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *