වගා ළිඳකට වැටී එකම පවුලේ දරුවන් තිදෙනා මරුට !
ගලේවෙල, රන්වැඩියාව, කොස්පොත ප‍්‍රදේශයේ පිහිටි වගා ළිඳකට වැටීමෙන් එකම පවුලේ දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවරුදු 12 සහ 15 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 07 ක පසුවූ පිරිමි දරුවෙක්.
එම දරුවන් තිදෙනා ඊයේ (19) උදෑසන සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුන් සොයා සිදුකළ සෝදිසි කිරීම්වලදී අදාළ වගා ළිඳේ තිබී ඔවුන්ගේ සිරුරු හමුවූ බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.