Gossip NewsLatest

එකිනෙකට සම්බන්ධ නැති ආසාදිතයින් හමුවෙනවා… කොරෝනා සමාජගත වී නැහැයි කියන්න බෑ

අද වන විට එකකට එකක් සම්බන්ධ නැති ලෙස කොරෝනා ආසාදිතයින් සුළු වශයෙන් වාර්තා වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්ත්වයක් තුළ කොරෝනා වෛරසය සමාජගත වී නැතැයි තීරණය කළ නොහැකි බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එමෙන්ම, වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය විනිවිදභාවයකින් නිකුත් කරන බවක් පෙනෙන්නට නැති බවත් ඔහු සඳහන් කරයි.

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ නැති ආසාදිතයන් සැළකිය යුතු පිරිසක් මේ වන විට වාර්තා වී තිබේ නම් දැනට ක්‍රියාත්මක වන පියවරයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *