ජා – ඇල ප්‍රදේශයේ කපු මහතෙක් දේවාලය තුළ දී ම ජීවිතක්ෂයට
ජා – ඇල, ඒකල ප්‍රදේශයේ කපු මහතෙකු දේවාලය තුළ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. ප්‍රදේශවාසීන්ගේ ලද තොරතුරක් මත ජා – ඇල පොලීසිය විසින් ඔහුගේ මළ සිරුර පෙරේදා දිනයේ දී සොයා ගෙන තිබෙනවා.
ජීවිතක්ෂයට පත් වූ එම පුද්ගලයා 54 හැවිරිදි අයෙක් වන අතර ජීවිතක්ෂයට පත් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත. කෙසේවතත්, රාගම හදිසි මරණ පරීක්ෂක වරයා පොලීසියට දැනුම් දී ඇත්තේ එම පුද්ගලයාගේ කොරෝනා පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට මෘත දේහය යොමු කරන ලෙසයි.