ලයිසන් නැතුව ගිහින් රිය අනතුරක් සිදු නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය අත්අඩංගුවට
රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරිව සුඛෝපබෝගි ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
මේ අතර, ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට ත් කරමින් බම්බලපිටිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයයක් පදවා සිදු කළ අනතුරක් වාර්තා විය. එම අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේ ද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකි.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ (15) පස්වරුවේ දි මෙම අනතුර සිදුව තිබුණා. අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසල පිහිටි පෞද්ගලික මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ අලෙවියට තිබූ සුඛෝපබෝගී මෝටර් රථයකට දැඩි අලාභහානී සිදුව තිබුණා.
අනතුර සිදු වී සුළු වේලාවකට පසු එම මෝටර් රථයේ අංක තහඩු ඉවත් කිරිමට පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයක් ද එම අවස්ථාවේ දී නිරීක්ෂණය වී තිබුණා.
අනතුර සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද (16) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.