Gossip NewsLatest

අනතුරක් සිදු කළ උසස් පොලිස් නිලධාරියාගේ දියණියට ඇප හිමිවෙයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක සුඛෝපබෝගී මෝටර් රථයක ගැටීමේ අනතුරු හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ රොෂානි රත්නායක නම් 20 හැවිරිදි තරුණිය ඇප මත මුදා හැර තිබෙනවා. අදාළ තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට මීට පෙර වාර්තා වූ නමුත් අනතුරු සිදු වූ නන්දා මෝටර්ස් ආයතනයේ හිමිකරු අනුර මල්ලවාරච්චි සමඟ හානි පූර්ණයට ඇති වූ එකඟතාවය මත ඇප ලබා දීමට කුරුඳුවත්ත පොලීසිය කටයුතු කර තිබෙනවා. දැනට වාර්තා වන පරිදි එම අනතුරෙන් ආයතනයට සිදු වූ අලාභ හානිය කෝටි 06කට අධිකයි.

කෙසේ වෙතත්, අදාළ තරුණියට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති තොරතුරු වාර්තා වී තිබිය දීත්, පුද්ගල හානියක් නොමැතිවීම සළකා පොලීසිය ඇප ලබා දී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි එම රථයේ හිමිකරු බව කියන මොහොමඩ් සම්රාස් අහමඩ් නම් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වුවත් පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අදාළ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට සිදුවූ අලාභය පියවීමේ එකඟතාවය මත ඉදිරි පරීක්ෂණ අනවශ්‍ය විය හැකි බවයි.

අදාළ අනතුර සිදුවීමෙන් පසු පොලීසිය සමග සිටින තරුණියකගේ ඡායාරූපයක් සමාජ ජාල තුළ සංසරණය වූ අතර එම ඡායාරූපයේ සිටින තරුණිය අනතුර සිදු කළ තරුණියගේ මිතුරියක් බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම ඡායාරූපයේ සිටින තරුණිය වන සින්ඩි වික්‍රමනායක නම් තරුණිය ෆේස්බුක් සටහනක් තබා තිබු අතර ඇය එමගින් පවසා තිබුණේ එම අනතුරට තම සම්බන්ධයක් නොමැති බවත් අනතුරට ලක් වූ රථයේ සිටියේ තම මිතුරන් බැවින් තමන් අදාළ ස්ථානයට ගිය බවයි.

මේ අතර, අනතුර සිදු කළ රොෂානි රත්නායක නම් තරුණිය නුගේගොඩ දිශාව භාර පොලිස් අධිකාරිවරයාගේ දියණිය බව වාර්තා වේ. බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට ත් කරමින් බම්බලපිටිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයයක් පදවා සිදු කළ අනතුරක් වාර්තා විය. එම අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේ ද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා වන නවිඳු රත්නායක විසින් ය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *