බදියුදීන් දැඩි කොරෝනා තර්ජනයක… හිටපු ඇමති සමඟ වාට්ටුවේ සිටි රැඳවියන් 5කට කොරෝනා
නව මැගසින් බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රඳවා ඇති වාට්ටුව දැඩි කොරෝනා තර්ජනයකට ලක්ව තිබෙන බව වාර්තා වේ. හිටපු ඇමතිවරයා සමඟ රඳවා සිටි රැඳවියන් හය දෙනෙකුට ඊයේ (16) දිනයේ දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.
ඒ අනුව, අදාළ වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් වැඩි දෙනෙකුට වෛරසය වැළඳීමේ අවදානමක් පවතින අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අසළින්ම රඳවා සිටි රැඳවියාටත් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.