FEATUREDLatest

ප්‍රවීණ සටන් නළු විල්සන් කරු 5000 ගන්න ගිය අවස්ථාවේදී අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කරමින් පොලීසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ ප්‍රවීණ සටන් නළුවෙකු වන විල්සන් කරූ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු මුව ආවරණයක් නොමැතිව රජය විසින් අඩු ආදායම්ලාභීන් වෙත ලබා දෙන රුපියන් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසියේ ආරංචි මාර්ග තහවුරු කළේ.

ඔහු මුව ආවරණයක් පැළඳ නොසිටීම හේතුවෙන් මුව ආවරණය පැළඳ එම ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් විසින් පවසා ඇති අතර එම අවස්ථාවේ දී රංගන ශිල්පී විල්සන් කරු විසින් පොලීසියට පහර දීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *