Gossip NewsLatest

IDH රෝහලෙන් පැන්න කාන්තාව ඇහැළියගොඩ සිට ඉඩංගොඩ බලා ගිය බස් රථයකින් පලා ගිහින්

කොවිඩ් ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (19) රාත්‍රියේ අවුරුදු 2ක පමණ තම දරුවා සමඟ පලා ගොස් තිබූ අතර ඇගේ දරුවා ඇහැළියගොඩ යාය පාර ප්‍රදේශයේ ඥාතී නිවසක සිටිය දී පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.

අදාළ කාන්තාව සැරිසැරූ ස්ථාන සොයා පොලීසිය සහ සෞඛ්‍ය බලධාරින් මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇහැළියගොඩ යාය පාර ප්‍රදේශයේ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, සහෝදරයා සහ තවත් දරුවන් කිහිප දෙනෙකු රැඳී සිටින අතර එම දරුවා සහ අනෙක් පිරිස මේ වන විට නිවසේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාව එම ප්‍රදේශයේ ම පිහිටි තම සහෝදරයාගේ නිවසට ද ගොස් ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

එමෙන්ම, එම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත ව සිටියදි ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ කාන්තාවක් බව ද වාර්තා වේ. අදාළ කාන්තාව ඇහැළියගොඩ සිට ඉඩංගොඩ බලා ගමන් ගත් බස් රථයකින් පලා ගොස් ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *