FEATUREDGossip News

කුඩා දැරියක් ඉදිරිපිට ශරීරය නිරාවරණය කරමින් අශෝබන ලෙස හැසිරුණ පුද්ගලයෙක් සොයා විමර්ශන (වීඩියෝ)

බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට දී කුඩා දැරියකට තම ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය කරමින් අශෝබන අයුරින් හැසිරුණු පුද්ගලයෙක් සොයා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම පුද්ගලයාගේ අශෝබන හැසිරිම ඒ අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබු අතර එය සමාජ මාධ්‍යජාලාවල බොහෝ සෙයින් හුවමාරු විය.

වීඩියෝ පටයෙන් අනාවරණය වූ සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරිමට කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වෙත උපදෙස් ලබා දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කරයි.

මේ පිළිබඳව තමන් ද සොයා බැලීමට කටයුතු කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීමට සහය දක්වන්නැයි විවිධ පුද්ගලයින් විසින් සමාජ මාධ්‍යවල බෙදාගන්නා ලද වීඩියෝ පටයට ප්‍රතිචාරය දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *