හිටපු ඇමතිවරයෙක්ගේ පුතෙක් අත්අඩංගුවට !
කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඊයේ (21) දින අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.
දිසා විනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා පෙරේදා (20) වන දින වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසිමත් සමඟ ම කොස්තාපල්වරයාට බැන වැදී තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට සිදු කළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.