FEATUREDGossip News

රිය අනතුර කළ දියණියගේ SSP පියාට ස්ථාන මාරුවක් !

පසුගියදා රියදුරු බලපත්‍ර නොමැතිව රිය පදවා කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි වාහන ප්‍රදර්ශනාගාරයක සුඛෝපබෝගී වාහනයක ද අලාභ හානි සිදු කරමින් අනතුරක් සිදු කළ තරුණියගේ පියාට ස්ථාන මාරුවක් ලැබී ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇගේ පියා නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ අතර ඔහුට බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාමාන්‍ය රාජකාරි කටයුතු සදහා අනුයුක්ත කොට ඇති බව වාර්තා වේ.

ඒ වෙනුවට පොලිස් මූලස්ථානයේ රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු නුගේගොඩ දිසාවට අනුයුක්ත කොට ඇති බව ද දැනගන්නට ඇත.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *