LatestPolitics

මහවිරු සැමරුමට සූදානම් වූ ශිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

මහවිරු සැමරුමට සූදානම් වෙමින් සිටි උතුරු උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් හට සර්පයෙකු දෂ්ට කිරීමෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා කරයි. යාපනය, පේදුරුතුඩුව රෝහල් හදිසි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ශිවාජිලිංගම් පසුගියදා (21) සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බව යාපනය පේදුරුතුඩුව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිවාජිලිංගම් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේ සිට නිවස වෙත පිටත්ව යාමට ගිය අවස්ථාවේ පසුගිය 20 වැනිදා රාත්‍රියේ මෙලෙස සර්පයකු දෂ්ට කර ඇත. අනතුරුව රෝහල් ගත කළ සිවාජිලිංගම්ගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *